Tuesday, October 26, 2010

නොමිලේ පරිගනක අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන

දැදිගම වසම තුල සිටින අඩු ආදායම් ලාභී පවුල් සදහා පරිගනක අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සදහා මේ වන විට කටයුතු සාකච්ඡා කරමින් පවතියි.මේ සදහා නොමිලේ පරිගනක යන්ත්‍ර 4ක් පළාත් සභා සභානායක ගරු මන්ත්‍රි ඉම්ටියාස් කාදර් මහතා විසින් ලබා දී ඇති අතර දැදිගම නිලුෂා ගාමන්ට් අධිපති ජයන්ත පුෂ්ප කුමාර මහතා විසින් ද නොමිලේ පරිගනක යන්ත්‍රයක් ලබා දී ඇති අතර දැදිගම නැණසල භාරකරු වන මංජුල රත්නායක විසින් අධ්‍යාපනය ලබා දීමේ කටයුතු සදහා දායක වේ.

අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් සදහා මෙම පරිගනක පුහුණූ මධ්‍යදස්ථානය ඇති කරන අතර ඒ සදහා ප්‍රදේශයේ වෙසෙන සමිති සමාගම් දහම් පාසල් වැනි ආයත දැනුවත් කිරිම් වලට මේ වන විට ලිපි යවා ඇත. මුලු සිසුන් ප්‍රමාණය පළමු අදියර සදහා 50ක් බදවා ගැනිමට තිරණය කර ඇත. මේ සදහා ඔබටත් කල හැකි දෙයක් ඇත් නම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

No comments:

Post a Comment