Helping Dedigama - For Better Future....
හෙල්පින්ග් දැදිගම - දැදිගම සමාජ සුභසාදන හා පුහුණු මධ්‍යස්ථානයේ නිල බ්ලොග් අඩවියයි..මෙමගින් දැදිගම සමාජ සුභසාදන හා පුහුණු මධ්‍යස්ථානනය මගින් සිදුකිරිමට නියමිත හා දැනට සිදු කරමින් පවතින සමාජසේවා කටයුතු පිලිබද ඔබව දැනුවත් කිරිමක් සිදු කරනු ලබයි. ඔබගේ අදහස් යෝජනා සියල්ල අප වෙත එවන මෙන් ඉල්ලා සිටිමු.
Wednesday, October 27, 2010
නොමිලේ ඇස් කණ්නාඩි ලබා දිම
නොමිලේ ඇස් කණ්නාඩි ලබා දීමේ වැඩසටහනක් අද දින රුවන්වැල්ලේදී පැවැත්වේ. මෙම වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී.පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.මේ සදහා දැදිගම ප්‍රදේශයේ දස දෙනකුද ඇතුලත් කිරිමට හැකියාවක් ලැබුණ අතර ඒ සදහා අඩු ආදායම් ලාභි පවුල් නියෝජනවය කරමින් දස දෙනෙකු ඉදිරිපත් කර ඇත. මෙම අවස්ථාවන් ලබා දීම පිළීබදව අප සමිතියේ ස්තුතිය වයි.ජී. පද්මසිරි මහතාට හිමි වන අතර මෙවැනි සමාජ සත්කාරයන් සදහා තව තවත් හැකියාවන් ලැබේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.
Tuesday, October 26, 2010
නොමිලේ පරිගනක අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන
දැදිගම වසම තුල සිටින අඩු ආදායම් ලාභී පවුල් සදහා පරිගනක අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සදහා මේ වන විට කටයුතු සාකච්ඡා කරමින් පවතියි.මේ සදහා නොමිලේ පරිගනක යන්ත්‍ර 4ක් පළාත් සභා සභානායක ගරු මන්ත්‍රි ඉම්ටියාස් කාදර් මහතා විසින් ලබා දී ඇති අතර දැදිගම නිලුෂා ගාමන්ට් අධිපති ජයන්ත පුෂ්ප කුමාර මහතා විසින් ද නොමිලේ පරිගනක යන්ත්‍රයක් ලබා දී ඇති අතර දැදිගම නැණසල භාරකරු වන මංජුල රත්නායක විසින් අධ්‍යාපනය ලබා දීමේ කටයුතු සදහා දායක වේ.
අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් සදහා මෙම පරිගනක පුහුණූ මධ්යදස්ථානය ඇති කරන අතර ඒ සදහා ප්‍රදේශයේ වෙසෙන සමිති සමාගම් දහම් පාසල් වැනි ආයත දැනුවත් කිරිම් වලට මේ වන විට ලිපි යවා ඇත. මුලු සිසුන් ප්‍රමාණය පළමු අදියර සදහා 50ක් බදවා ගැනිමට තිරණය කර ඇත. මේ සදහා ඔබටත් කල හැකි දෙයක් ඇත් නම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන් සදහා මෙම පරිගනක පුහුණූ මධ්යදස්ථානය ඇති කරන අතර ඒ සදහා ප්‍රදේශයේ වෙසෙන සමිති සමාගම් දහම් පාසල් වැනි ආයත දැනුවත් කිරිම් වලට මේ වන විට ලිපි යවා ඇත. මුලු සිසුන් ප්‍රමාණය පළමු අදියර සදහා 50ක් බදවා ගැනිමට තිරණය කර ඇත. මේ සදහා ඔබටත් කල හැකි දෙයක් ඇත් නම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
Wednesday, October 20, 2010
අඩු ආදායම් ලාභීන් සදහා සෙවිලි තහඩු ලබා දීමේ වැඩසටහන 2010
අඩු ආදායම් ලාභී පවුල් සදහා වාර්ෂීකව ලබා දෙන ලබන සෙවිලි තහඩු මෙම වසරේදීද පවත්වනු ලබන්නේ සබරගමු පළාත් සභාවේ ගරු සභානායක ඉම්ටියාස් කාදර් මහතාගේ මුලිකත්වයෙනි. මෙම වසරේදී අසරණ පවුල් පනස් තුනක් සදහා සෙවිලි තහඩු ලබා දීමට නියමිතය.සමෘද්ධී සහනාධාරය පමණක් ලබන බොහෝ පිරිසක් මෙම වසරේදී සෙවිලි තහඩු ලබා ගැනීමට නියමිතය.එමගින් ඔවුන්ගේ නිවාස සදහා ස්තිර වහලවල් නිර්මාණය කිරිමට ඔවුන්ට හැකියාව ලැබේ. මෙම ආධාර ලබා දීම සදහා මුලිකත්වය සබරගමුව පළාත් සභාව නියෝජනය කරමින් ගරු සභානායක මන්ත්‍රී ඉම්ටියාස් කාදර් මහතා සහ වරකාපොල ප්‍රාදේශීය සභාව මගින් සිදු කරනු ලබයි.
Subscribe to:
Comments (Atom)